Skip to main content

Posts

හිතවත පැයෙකින් වෙළද සැල් හිස් විය!

හිතවත පැයෙකින් වෙළද සැල් හිස් විය! එදා වේල සරි කරගන්නා, දෛනික වේතනයෙන් යැපෙන්නා, හෙට බඩවියත සරි කරගනුයේ කුමකින් ද හිතවත? ඒ ඔබට මොහොතකට සිතිණි ද? වරුණාව නිර්වස්ත්‍ර විය! මාමකත්වයන්, අනුරාගයන් මහ මඟ හැළිණ. අප සැවොම එක් තෘෂ්ණාදික මිනිස් කොට්ඨාසයක් මිස ජාතියෙන්, ආගමෙන් හෝ හැදියාවෙන් නොවෙනස් බව පසක් විය! කොරෝනා! ඔබට ස්තූතියි. Copied...
Recent posts

කොරෝනා

අද ලංකාවට ආපු අයනම් තමන් මේ කාලය පරෙස්සම් වෙන්න ඕන ලංකාවේ අපේම මිනිස්සු වෙනුවෙන් කියලනේ කියන කිසිම හැගීමක් නැති පිරිසක් වගේ පේන්නේ. ලංකාවට පය ගහපු සැනින් ලොකු ලයින් දාගෙන ලයිවු වීඩියෝ දාගෙන දැගලුව මිසක් මාස්ක් එකවත් හරියට දාගෙන නෙමේ හිටියේ.. ගෙවන මුදල ගැනයි(දැන් කියන විඩිහට එහෙම එකකුත් නෑ) පහසුකම් ගැනයි කියවනව ඇරෙන්න එයාල කරන්න ඕන මොනවද නොකරන්න ඕන මොනවද කියල කිසිම ගානක්නෑ.... මේවගේ අවදානම් වෙලාවක අපිට අකමැතිදේවලුත් කරන්නම වෙනව. අපේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේවගේ වෙලාවක වෙනරටවල වගේ ලොකු පහසුකම් දෙන්න බැරිවෙයි. ඒත් යම් ක්‍රියාවලියක් සිදු වෙනවනම් එකට අනුගත වෙන්න වෙනව. අද ආපු කිසිම කෙනෙකුට කොරෝනා නොතිබෙන්න පුලුවන්..ඒත් එක් අයෙකුට හරි තිබුනනම් මොකද වෙන්නේ. බස් එකේ ආව අය මාස්ක් එකවත් හරියට දාගෙනනෑ... පන්ඩිත වාහෙල. ටිකක් හිතපල්ලා මේ රටේ එදාවෙල හොයාගන්න බැරි මිනිස්සුන්ට මේවගේ ලෙඩක් හැදිල ඒ මිනිස්සු අසරණ වුනොත් මොකද වෙන්නේ කියල. සමහර පවුල්වල ගෙදරට කීයක්හරි හම්බකරලදෙන එකම මනුස්සයා ලෙඩවුනොත් මොකද වෙන්නේ.... ලංකාවට පයගහපු ගමන් ලයිවු වීඩියෝ එකක් දාගෙන රගන්න කලින් උබෙන් ලංකාවේ එකෙක්ට කොරෝනා දෙන්නේ නෑ

ආරම්භය ම...

මට හිතුනා දිනපොත ලියනවට වඩා blog එකක් ලියන එක හොදයි කියලා.. අපිත් හැමදාම පරණ විදියට ඉදලා හරියන්නේ නෑනේ...